ඔන්න යාලුවනේ ඔයාල හැමෝම දන්න දෙයක් ගැන පොඩි විස්තරයක් කරන්න තම හදන්නෙ...ගොඩක් දෙනා දන්නවා උනත් මේක ගොඩක් කට්ටිය use කරලා නම් නෑ තාම...
හරි අපි කතාවට එමුකො. 5G Technology එක තමා අද මං කතා කරන්නේ.
මොකක්ද මේ 5G කියන්නේ............
5G කියන්නේ පස් වන පරම්පරාවට අයත් 21 වැනි සියවසේ භාවිතා කරන්න හදලා තියෙන අලුත්ම රැහැන් රහිත ජංගම දුරකථන ජාලයයි.
අපි මීට කලින් use කරලා තියෙන හෝ දැනට use කරන 1G, 2G, 3G හා 4G වලට පස්සේ ආපු හොදම ජාලය කියල කියන්න පුළුවන්.
මොනාද මේකේ තියෙන වාසි......
දැන් use කරන වේගවත්ම ජාලය 4G කියලා අපි හැමෝම දන්නවා.ඉතින් 5G කියන්නේ 4G වගේ කිහිප ගුනයකින් ම වේගවත් ජාලයක්. මේකේ Download Speed එක අවම වශයෙන් 5 Gbps වගේ අති විශාල වේගයක් ලබා දෙනවා...
හිතන්නකෝ 2GB වගේ size එකක් තියෙන Film එකක් එහෙම Download කරන්න අඩුම වශයෙන් අපිට පැය භාගයක් වත් යනවා දැනට පාවිච්චි කරන තාක්ෂනයත් එක්ක......
හැබැයි 5G Technology එක හරහා අපිට මිනිත්තු 1 හෝ 2 ක් යනකොට Film එක Download කරන්නත් පුළුවන්..
.හිතන්නකෝ ඉතින් වේගේ කොහොමද කියලා...........ඒ අවමය.උපරිමය 100 Gbps ටත් වඩා ඉහල වේගයක් තමා තියෙන්නේ.
ඒවගේම වැඩි විශ්වසනීයත්වය, අතිශය අඩු ප්‍රමාදය, දැවැන්ත ජාල ධාරිතාව, වැඩි උපයෝජ්‍යතාව සහ වැඩි පරිශීලකයින්ට වඩාත් ඒකාකාරී පරිශීලක අත්දකීමක් ලබා දීම වගේ ගොඩක් වාසි මේකෙන් හැමබවෙනවා......
5G තාක්ෂණය අනාගත ලෝකය ගොඩක් වෙනස් කරන බව නම් නිසැකයි.
5G සෑම ක්ෂේත්රයක් සඳහාම බලපාන අතර ප්රවාහන, දුරස්ථ සෞඛය සේවා, කෘෂිකර්මාන්තයේ නව නිර්මාණ, ඩිජිටල්කරණය කල භාණ්ඩ හා තවත් බොහෝ දේ යතාර්ථයක් බවට පත් කරයි.
5G සෑදී ඇත්තේ කුමන තාක්ෂණයක් භාවිතයෙන්ද...................
5G සඳහා පදනම් වී ඇති තාක්ෂනය වනුයේ OFDM (Orthogonal Frequency Division Multiplexing) ය. මෙය ඇගිලි ගැසීම් අවමකිරීම සඳහා විවිධ නාලිකා කිහිපයක් හරහා අංකිත Digital Signal මෝඩියුලේට් කිරීම සිදු කරයි.
තවද OFGM මුලධර්ම සමග 5G-NR
Air Interface එකක්ද භාවිතා කරනවා.
දැනට භාවිතා කරන 4G- LTE මෙන්ම 5G OFDM ද ක්‍රියාත්මක වෙන්නේ එකම ජංගම දුරකතන මුලධර්ම මතයි. නමුත් 5G-NR Air Interface එක මගින් OFDM තව දුරටත් වැඩි දියුණු කර වඩාත් ඉහල නම්‍යශීලී බවක් සහා පරිමාණයක් ලබා දීලා තියෙනවා.
මේ නිසාම විවිධාකාර භාවිතා අවස්ථා සඳහා වැඩි පිරිසකට සහ දේවල් සඳහා 5G ප්‍රවේශය මෙයින් ලබා දෙන්න පුළුවන්.
4G හොදයි... 5G හොදාාාාාාාාාාාාාාාාාාාාාාාාාාායි.............
- 4G ට වඩා අතිශයින් 5G වේගවත් වේ.
- 4G ට වඩා ඉහල ධාරිතාවක් 5G ට පවතී.
- අඩු ප්‍රමාද කාලයක් පවතී.

5G පාවිච්චි කරන්නේ කොමද.........
5G තාක්ෂණය ඔයාට ඕනි නම් අනිවාර්යයෙන් ඔයාට 5G Phone එකක් තියෙන්න ඕනි.
දැනට ලංකාවේ 5G Phone භාවිතය ගොඩක් අඩුයි. එකියන්නේ 5G phone ඇත්තටම ගොඩක් ගණන්.ලංකාවෙත් සීමිත නගර වල පමණයි 5G තියෙන්නේ...
දැනට ලෝකයේ 5G ක්‍රමයෙන් ජනප්‍රිය වී ගෙන තම එන්නේ.....ඉතින් ගොඩක් ඉක්මනට ම අපිටත් 5G පාවිච්චි කරන්න හැමබවෙයි...
5G හින්දා සාමාන්‍ය නගර Smart නගර වෙයි...රෝබෝ වරු හැමතැනම ඉදි...


0 Comments