බොලව් යක්ඛයිනේ....................😈
එහෙම කියපු ගමන් මොන වගේ එකක්ද හැගුනේ..ඕක
ඉතින් හැමදාම දෙරණ TV එකේ යනවනේ...ඒ හින්ද
එච්චරම අවුලක් නැතිව ඇති. හැබයි යක්කු කියලා හිතන්න ඉන්න අපි ඇත්තටම යක්කුද කියල පොඩ්ඩක් කල්පනා
කරලා බලන්න වෙනවා නේද...........
ඉතින් යාලුවනේ Ceylon Tech Traveler අපි ගෙන තොරතුරු අලුත්ම දේවල් නෙම😊.එදා අපේ රටේ තිබුණු
සම්පතුත් අපි දැනගන්න ඕනි හින්දයි මේ කතාව ඔයාලට කියන්නේ..ඉතින් චුටි වෙලාවක් අරගෙන
මේක කියවලා බලන්නකෝ...........😊😊😊
අපි කරන වැඩ වගේම අපි ඉන්න විදිහ අනුව නම්
මං හිතන්නේ ඒ වදන යක්ඛුන්ටත් කරන නින්දාවක් කියලා...ඔයාලම
හිතන්නකෝ...😇
සුද්දෝ අපේ රටට ඇවිත් අපේ දේවල් ම පාවිච්චි
කරලා අන්තිමට අපිට තිබුණු සම්පත් ඔක්කොම උන්ගේ රටට ගෙනිහින් ගන්න දෙයක් නැති උනාම
අපිව දාල යනවා......හැබැයි උන් ඇත්තටම අපිව දාල ගියාද...ගියා නම් ඇයි අපිට මෙහෙම වෙලා
තියෙන්නේ........
රාවනා පරම්පාරාවෙන් පැවත එන අපි ඇයි කාටවත්
2ට නැමෙන්නේ..ඇයි අපි කාගේවත් දේවල් පාවිච්චි කරන්නේ..😋එහෙම කියනකොට නම් ඔයාලට හිතෙනවා ඇති මොනා උනත් අපි සල්ලි දීලනේ ඒවා
ගන්නේ.ඉතින් ඒවා අයිති අපිට කියලා...නේද....හැබැයි හිතන්න අපි සල්ලි දීල ගත්තට ඒ සල්ලි
යන්නේ කාටද කියලත්....
පොඩ්ඩක් හිතන්න අපි පාවිච්චි කරන දත් බුරුසුව,
දත් බෙහෙත්, ගාන සබන්, අඳින ඇඳුම්, මේ හැම
දෙයක්ම වගේම අපේ දේවල්ද කියලා...නැ නේද...අපි use කරන දේවල් වලින් 90% ක් ම සුද්දොන්ගෙන්
ආනයනය කරන දේවල්.......
සුද්දෝ අපේ තිබුණු හෙළ සිංහල සංස්කෘතිය
වෙනස් කලා...සිංහල ගති පැවතුම් වෙනස් කලා.......අපිට තිබුණු තාක්ෂණය නැත්තටම නැති කලා.....අපේ
තාක්ෂනය උන් අරන් ගියා...
සුද්දෝ වැද්දෝ කලේ අපේ සිංහල යක්ඛු operation කරලා තියෙනවා......🙆🙆🙆
ඒ කියන්නේ උන් ඒවා හොයාගන්න කලින් අපේ ඒ තාක්ශනෙ තිබිලා තියෙනවා කියන එක නේද.....මෙහෙම කියනකොට මොනතරම් ගැම්මක් එනවද...සිංහලයෝ කියන්න ලජ්ජා වෙන්නේ මොකටද......
ලෝකයේ කිසිම රටකට නැති ඉතිහාස ගත සංස්කෘතියක් අපේ ලන්කාමාතාවට තියෙනවා......එහෙම
ඉතිහාසයක් හිතාගන්න බැරි තාක්ෂණයක් තිබිලා තියෙනවා......හැබයි ඒ තාක්ෂණය අද අපිට හොයාගන්න
නැ. හැබැයි එහෙම එකක් තිබුනා කියල ඔප්පු කරන්න
සාක්ෂි කිහිපයක් හරි තවම තියෙනවා.......
සුද්දෝ වතුර අදින්න PVC වගේ තාවකාලික බට හොයාගන්නකොට අපේ සිංහලයෝ මහා විශාල කළු ගල් රවුම් කරල
මැද හිල් කරලා ඒවා අස්සෙන් වතුර ගෙනාව...පොම්ප පාවිචි කරන් නැතිවම වතුර උඩට
ගෙනාව...අපි හැමෝම දන්නා සීගිරියේ වතුර මල්
ඊට හොද නිදසුනක්...අදටත් ඒ වතුර මල් වැඩ කරනවා........
සීගිරිය කියන මහා කළු ගල් පර්වතය අපේ එදා
සිංහලයෝ මහා විශාල මාලිගාවක් කළා.....හිතන්න අදත් සීගිරියට අපිට නගින්න ගියාම මොනතරම්
අමාරුද...එහෙනම් ඒ වගේ මාලිගාවක් අර ගල උඩ හදන්න අවශ්‍ය දේවල් පහළ ඉදන් ගෙනියන්න
කොහොම තාක්ෂණයක් පාවිච්චි කරන්න ඇතිද...😱
අපේ කෙල්ලෝ කොල්ලෝ අද ලස්සන වෙන්න මොන තරම් දේවල් කරනවද.😋.මොන තරම් දේවල් ගානවද ඉතින් ඒ දේවල් ලංකාවේ නිපදවනවා නම් ගොඩක් සතුටුයි.හැබැයි ඒ නිහතමානී සතුට විදින්න අමාරුයි.මොකද ඒ දේවල් අපේ නෙමෙයි...😪
අපේ එදා සිංහලයන්ගේ රජ්ජුරුවන්ගේ ආර්යාවන් ලස්සනට ඉන්න අපේ දේවල් පාවිච්චි කලා.ඒ හින්දා ඔවුන්ගේ වත කමල රන්වන් පැහැයෙන් තිබිල තියෙනව.මං නෙමේ කියන්නේ...🙈🙈🙈
අපේ ම සිංහල
කතෘ වරු කියන්නේ....ඉතින් එහෙම ඉන්න එයාල බෙහෙත් ඔරුවේ බැහැලා පැය ගණන් නාල තියෙනව...ඉතින්
බෙහෙත් ඔරුව කියන්නේ අපේම දෙයක් නෙ...😇
හැබැයි අපේ කට්ටිය අද ලස්සන වෙන්න සුද්දෝන්ගේ
දේවල් පාවිචිචි කරනවා.ඒ හින්දමද කොහෙද සමහර අයගේ මුණ සුදුයි.කකුල් කලුයි.😂
මහා විශාල වැව් හදන්න, මහා විශාල දාගැබ්
හදන්න, කඩු දුනු වැනි යුධ අවි ආයුධ හදන්න මොන තරම් තාක්ෂණයක් අපේ එදා සිංහලයන්ට තිබිලා
තියෙනවද...ඒවා දකිනකොට නම් හිතෙන්නේ මේ වැඩ කරන්න නම් යක්ඛුම ඉන්න ඕනි කියලා.....😲
අපේ සිංහල දෙශීය ආයුර්වේද ක්‍රමය ගත්තොත්
බටහිර වෛද්‍ය ක්‍රමයට සාපේක්ෂව ලොකු දෙයක් කරන්න පුළුවන් වේද කමක්..පිළිකාව නසන්න හෙළ
වෙදකම කොතරම් නම් දියුණුද...Hospital
වලින් සරණක් පතා ගෙන ගිය අවස්ථාවල ඒ සරණ හමු නොවුණු
විට හෙළ වෙදකමින් සරණ ලැබෙන අවස්ථා නම් කොතරම්ද......
එහෙව් ජාතියකට උරුම කම් කියන අපිට අද මොකක්ද වෙලා තියෙන්න..ඇයි අපි සුද්දෝ වෙන්න යන්නේ.... අද අපේ උරුමය තියාගෙන කොහෙන්දෝ ආපු posh ගතියක් පෙන්නන්න කී දෙනෙක් නම් කැමතිද..හැබැයි අන්තිමට පොෂ් වෙන්න ගිය කට්ටිය පොලොස් වෙලා නතර වෙන්නේ......😈😈😈
පාළුව කාන්සිය මකන්න එදා සිංහලයෝ ගී කිව්වා..නැටුවා...කලා
ව භාවිතා කලා... ඒ හින්දම අද අපිට විවිධ කැටයම්, සිතුවම් දකින්න හම්බවෙනවා..ඒවා දකිනකොට
මොන තරම් සතුටක් දැනෙනවද..😇
හැබැයි අද අපේ ගොඩක් කට්ටිය කොහෙන්දෝ ආපු
Tik Tok App එකකට හිරවෙලා තමන්ගේ චරිතයම ඝාතනය කර ගන්නවා නේද....මොනාද
මේ අපේ රාවන පරම්පරාවේ යක්ඛුන් ට වෙලා තියෙන්නේ...😌
හිතන්න..........
අද ලෝකයේ තත්වය බලන්න..දහස් ගණන් මිනිසුන්
ඇහැට වත් පේන්නැති පුංචි ජීවියෙක් හින්දා මැරෙනවා..හැබැයි ලෝකයෙන් උතුම් රට ලංකාවේ
අපි, බුදුන්ගේ ආශිර්වාදයත් සියලු ආගම්වල නායකයින්ගේ ආශිර්වාදයෙනුත් සාර්ථකව එකට මුහුණ
දෙනවා...
සැප සම්පත් හොයන් සුද්දෝ ලගට ගිය අපේ මිනිස්සු
අද අපිවම හොයන එනවා.....
එදා සිංහලයන්ට තිබුණු ඒ තාක්ෂනය අද අපිට
නැත්තේ ඇයි...ඇයි අපිට අලුතින් හිතන්න බැරි..එදා සිංහලයන්ගේ තිබුණු ඒ ඥානවන්තකම ජාන
මගින් අපිට ඇවිත් තියෙනව..ඒ හින්දමයි ලෝකයේ අති දක්ෂ මොලයක් තියෙන මිනිස්සු ඉන්න රටවල් අතරින් පළමු රටවල්
10 ට අපි අයත් වෙන්නේ.😎😎😎
ඇයි ඒ මොලේ පාවිච්චි කරන්න බැරි...
අලුතින් හිතමු...අලුතින් නැගිටිමූ.....🙏🙋
කියන්න ගොඩක් දේවල් මේක ලියනකොට හිතට එනවා..
ඒ ඔක්කොම නම් කියන්න බැනේ..
ඔයාලට කියන්නේ තියෙන දේවල් හිතර දැනෙන දේවල්
මොනාද කියල comment කරලා මට කියන්න..Follow කරලා නැත්නම් Follow
button එකත් Click කොරලම යන්නකෝ..
1 Comments
Nice explain machn❤️❤️❤️
ReplyDelete