LiFi Technology  Why Li-Fi Won't Replace Your Wi-Fi Router Any Time Soon

ලංකාවට අනාගතයේ එන්න  තියෙන 5G technology වගේම වැදගත් වන තාක්ෂණයක් තමා Li-Fi කියන්නෙත්..ගොඩක් ය නම් අහලා ඇති...

හොදයි..අපි හැමෝම දන්න වගේම ගොඩක් කට්ටිය use කරන දෙයක් නෙ Wifi කියන්නේ...ඒ ගැන නොදන්නා කව්රුත් ඇත්තෙම නැ වගේනේ...ඒ වගේ දෙයක් තමා Lifi කියන්නෙත්...

Wifi කියන්නේ ආසන්න වශයෙන් වර්ග මීටර 1ක් වගේ පොඩි කලාපයක්  ආවරණය කරන data transport කරන technology එකක්. Lifi කියන්නෙත් අන්න ඒ වගේ පොඩි කලාපයක් ආවරණය කරන data transmission technology එකක්....

Wifi වලදී නම් දත්ත සම්ප්රෙෂනය කරන්න පාවිච්චි කරන්නේ නියමු නොවන (Unguided) මාධ්‍යක් වන ගුවන් විදුලි තරංග (Radio waves) යි.ඒ උනාට Lifi වලදී පාවිච්චි කරන්නේ ආලෝකයයි. LED Bulb යොදා ගෙන තම මේකේ දත්ත සම්ප්‍රේෂණ ක්‍රියාවලිය සිදු කරන්නේ..

Li-fi වැඩ කරන්නේ කෝමද?............

Real life Usage of LiFi - Velmenni - Medium

Digital devices වල දත්ත නිරුපනය වෙන්නේ 1 හා 0 මගින්.. ඒ කියන්නේ විදුලි බලය අවම අගය 0 ලෙසත් උපරිම අගය 1 ලෙසත් නිරුපනය කරමින් තමා ක්‍රියාත්මක වෙන්නේ...

lifi technology එකෙත් මේ 0 හා 1 ලෙස දත්ත සම්ප්‍රේෂණය  වෙන්නේ අපුරු විදිහකට..

ඒ කොමද දන්නවද ....

අපි කියනවා නේද current එක අඩු උනාම bulb එක ඩිම් වෙනවා කියල. ආපහු පස්සේ හොදට බල්බ් එක පත්තු වෙනවා..... 

Li-Fi set for takeoff on Air France flight | LEDs Magazine

අන්න ඒ වගේ LED Bulb එකෙහි දීප්තිමත් බව අඩු අවස්තාවේදී 0 ත් දීප්තිමත් බව වැඩි අවස්තාවේදී 1 ත් ලෙස data transport කරනවා.

එතකොට දත්ත සම්ප්‍රේෂණය කරනකොට LED Bulb එක නිවී නිවී පත්තු වීමක් සිදු වෙනවා.ඒ කියන්නේ bulb එක blinking වේවි තමා දත්ත සම්ප්‍රේෂණය සිදු කරන්නේ.මේක ගොඩක් ඉක්මනින් සිද්ද වෙන හින්දා අපේ පියවි ඇසට නම් පෙන්නේ නැහැ...

LED Bulb එකේ ආලෝකය ලැබී ඇති සෑම තැනකටම දත්ත සම්ප්‍රේෂණය වීම මේ විදිහට සිදු වෙනවා.

LiFi vs GiFi | Basic Difference between LiFi and GiFi

Signal Conditioning

Photo receiver

LED driver

LED bulb

Modem

Internet

 

Web Server

පහල තියෙන සටහනේ ආකාරයට LED bulb  හරහා අපේ devices වලට ඉතා වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය සිද්ද වෙනවා..

 

 

 

 

 

 

 Top 5 Applications of Li-Fi Technology — Li Fi

ඉහත chart එකෙන් තේරෙනවා නෙ data transmission වෙන්නේ කොමද කියල..

Lifi හරහා දත්ත ලබා ගැනීමට අවශ්‍ය නම් ඔයාලට Lifi Dongle එකක් තියෙන්න ඕනි.ඒ dongle එක මතට LED Bulb ආලෝකය ලැබෙන කොට තම අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ..දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ එහෙමයි.

Lifi technology එකේ වාසි මොනාද

Advantages of LiFi technology,Disadvantages of LiFi technology

  • Speed

Wifi වලට හා 4G වලට සාපේක්ෂව මේ ක්‍රමය හරහා දත්ත සම්ප්‍රේෂණය වීම ඉතා වේගවත් වෙනවා...මෙහි කළාප පළල (Band Width) 7Gbps සිට 100Gbps  දක්වා විහිදෙනවා..මේකෙත් Speed එක කොමද කියල හිතා ගන්න පුළුවන්නේ.

  • Security

අනෙක් ක්‍රම වලට සාපේක්ෂව මෙහි ආරක්ෂාවද වැඩි....මේ ක්‍රමේ දී දත්ත සම්ප්‍රේෂණය සිදු වන්නේ ආලෝකය මත.

ආලෝකය ලැබෙන පරාසය දක්වා දත්ත ග්‍රහණය කර ගනීමට හැකියව තියෙනවා.

 ආලෝකය, ගුවන් විදුලි තරංග මෙන්  බිත්ති හරහා ගමන් නොකරන නිසා බිත්ති වලින් පිටට දත්ත ගමන් කරන්නෑ. ඒ හින්දා දත්ත වලට භෞතික වශයෙන් ආරක්ෂාව සැලසෙනවා.

  • අඩු ප්‍රමාද කාලයක් පැවතීම..

මෙහිදී device ගොඩක් connect උනත් Network Connection එකේ slow වීමක් සිදද වෙන්නේ නැ..

අද ලෝකයේ වැදගත් මාතෘකාවක් වන IOT (Internet of Things) සඳහා මෙම තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පවතිනවා.

ප්‍රායෝගික භාවිතය කොහොමද.

LED bulb සැම තැනකමයොදා ගන්න පුළුවන් හින්දා හැමතැනටම දත්ත සම්ප්‍රේෂණය සිදු කර ගන්න පුළුවන්. 

රෝහල් වල, බස් වැනි පොදු ප්‍රවාහන වල, නිවසේ කාමර වල, මංමාවත් වල (පාරේ ඇති බල්බ සහිත විදුලි කණු) වගේ ගොඩක් තැන වල පාවිච්චි කරන්න පුළුවන්.

 ඒ වගේම ජලය ඇතුලත වගේම Plane එකේදී උනත් යොදා ගන්න පුළුවන්...

Speed of Li-Fi: A Bright Idea For In-Flight Connectivity

මෙම තාක්ෂණයේ තියෙන අවාසි මොනාද

LED bulb වල ආලෝකය ගමන් කරන ඉතා කුඩා සීමාව තුල පමණක් දත්ත සම්ප්‍රේශනය සිදු වන නිසා පුළුල්ව භාවිතය අවශ්‍ය නම් bulb විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඒ සඳහා අවශ්‍ය උපාංග වලට වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම....